පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂ අවසරයක් හිමිවූ මන්ත්‍රීවරයා

Parliament
By Thaya Mar 10, 2021 07:15 PM GMT
Report

පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.

එලෙස ඉතිහාසයේ අවසරය හිමිවූ පළමු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. එමෙන්ම ඉදිරියේ දී කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් දිනයේදී ද මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ දියවන්නා ඔය හරහා බෝට්ටුවකින් වීමද විශේෂත්වයක්.