ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහරදුන් මන්ත්‍රීට වැඩ වරදී...

Parliament
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Report

ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. "රණවිරුවෝ "සංගීත කණ්ඩායම් බාර ජ්‍යෙෂ්ඨ (කෝනානි) ලෙස කටයුතු කරන බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ පදිංචි (36) එක් දරු පියෙකි . පහරකෑමට ලක් වූ රණවිරුවා 2009 වසරේ එල් ටි ටි ඊ කොටි ත්‍රස්තවාදීන් සමග විශ්වමඩු ධර්ම පුරම් ප්‍රදේශයේ ඇතිවූ සටනේදී පීඩන බෝම්බයක් පිපිරීමෙන් වම් පාදය අහිමි ආබාධිත සෙබළෙකි. ඔහු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.