ග්‍රාම නිලධාරිනියට පහර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීනියට වැඩ වරදී

covid19 grama niladhari erandhika kumari ukuwela peoples alliance
By Sewvandhi May 18, 2021 12:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ග‍්‍රාම නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එරන්දිකා කුමාරි මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමේ හිමිකම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මන්ත‍්‍රීවරියට ලිඛිතව දැනුම් දී තිබේ.

‘කොවිඞ්’ වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටි රජයේ නිලධාරිනියකට පහර දුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇති බවත් මහජන නියෝජිතයන්ගෙන් ඉහළ විනයක් බලාපොරොත්තු වන බවත් චෝදනා ලාභී මන්ත‍්‍රීවරියට පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා දැනුම් දී තිබේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now