තම දරුවාට අමානුෂික ලෙස පහර දෙන මවක්(VIDEO)
දරුවෙකුට අමානුෂික අන්දමින් දඩුවම් කරන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී. මීරිගම, ඉඹුලන්වෙල ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දරුවාට එලෙස අමානුෂික ලෙස පහර දෙන ආකාරය එම වීඩියෝවේ දැක්වේ.
පහර කෑමට ලක් වූ දරුවාගේ සහෝදරිය ප්‍රදේශවාසියෙකුගේ සහාය ඇතිව මෙම වීඩියෝව මාධ්‍යට නිකුත් කර තිබුණි. පහර කෑ දරුවා, මිත්තණියට පා පහරක් එල්ල කිරීම නිසා ඇයගෙන් සමාවගන්නා ලෙස බල කරමින් එලෙස පහර දුන් බව වාර්තා වේ.
නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරත් අවස්ථා කිහිපයක දී එම මව මෙම දරුවාට පහර දෙන අයුරු දැක ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේවෙල පොලීසිය දරුවාගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙන අතර සැකකාර මව හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi