කැළි කසල සහ දූෂකාරක ද්‍රව්‍ය මහවැලි ගංගාවට මුසුවීම වැළැක්වීමේ වැඩපිළිවෙලක්

Garbage
By Thaya Apr 08, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

කැළි කසල සහ දූෂකාරක ද්‍රව්‍ය මහවැලි ගංගාවට මුසුවීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් රජය මගින් සැලසුම් කර තිබේ. මහනුවර නාගරික බල ප්‍රදේශ තුළින් මහවැලි ගංගාව ගලා බසින අතර එහිදී ගංගාවට ඝන අපද්‍රව්‍ය මුදා හැරීම් ඉහළ ගොස් ඇති බවට දීර්ඝ කාලයක් තිස්සේ හදුනාගෙන ඇති ගැටලුවට විසදුම් ලබාදීම මෙහි අරමුණ වේ. ඒ අනුව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ හදුනාගත් ස්ථාන 250කට අධික ස්ථාන ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීම පසුගියදා සිදුකෙරිණි. එහිදී අනවසර ඉදිකිරීම් වැළැක්වීම, ගංගා සහ ජල මූලාශ සුරක්ෂිත කිරීම පිළිබදව මහජනයා දැනුවත් කිරීම සහ මහවැලි ගඟට කැළි කසල මුසුවීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගියදා සිදුකෙරිණි.

මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක අතර මේ සදහා මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එම ප්‍රාදේශීය සභාව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, මහනුවර මූලස්ථාන පොලීසිය ඇතුලු රජයේ ආයතන රැසකගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.


GalleryGalleryGallery