සහල් ඒකාධිකාරය බිඳ දැමීමට කෙටි කලක් ගතවිය හැකියි - කෘෂිකර්ම ඇමති

Rice
By Thaya Mar 23, 2021 06:17 PM GMT
Report

මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකර ඇති ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුවට කෙටි කලක් ගතවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සහල් හිඟය ගැන සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුර රජයට එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි. සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල පවතින මිල ගණන් පිළිබද ව සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පෙරවරුවේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණයකට එක්වුණි.