කොරෝනා අතරේ ජයටම කෙරූ මත්පැන් සාදය වටලයි..

Covid Police Jaffna Mathpen saadayak
By Aruna Jun 01, 2021 02:07 AM GMT
Aruna

Aruna

Report


යාපනය, අර්සඩි ප්‍රදේශයේ මත්පැන් සාදයක් පැවැත් වු සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට පත්වු අවස්ථාවේ දී ද සැකකරුවන් බීමතින් සිට ඇති බවය.

අත්අඩංගුවට පත් සැකකරුවන් යාපනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ජූනි මස 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, අත්අඩංගුවට පත්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනා නිරෝධායනයට යොමුකරන ලෙස ද අධිකරණය විසින් සෞඛ්‍ය බලධාරීන් ට උපදෙස් ලබාදී ඇති බවය.

යාපනය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now