විවාහය කියන්නේ තනිකර බොරුවක් - වොල්ගා කල්පනී

Marriage
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

පසුගිය වසරේ ප්‍රේම ආරවුල් නිසා විවිධ පුවත් මැවූ ටෙලි නිළි වොල්ගා කල්පණී තරමක වෙනස් විදිහේ සෘජුව උත්තර සැපයූ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතක පළව තිබෙනවා. එහි උපුටාගත් කොටස් පහතින්

ඔබේ පෞද්ගලික ජීවිතයට පසුගිය අවුරුද්දේ වුණේ මොකක්ද?

කාරණා නිසාද ලෝකයේ living together සංකල්පයක් නිර්මාණය වෙලා තියෙන්නේ?මමත් සිංහල බෞද්ධ. මගේ තාත්තාගේ ගම මාතලේ. සමහර වෙලාවට මම මේ කියන කතාවට මිනිස්සු විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එකට ජීවත් වෙලා අපි ගැළපෙනවාද නැද්ද කියන ඒක බලලා එකතු වෙන එක තමයි හොද කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම දැකලා තියනවා ලස්සනට පෝරුවල, ලස්සනට පල්ලිවල විවාහ වෙච්ච මිනිස්සු උසාවියේ ඇතුළේ කුඩු දෙකකට වෙලා රංඩු කරනවා. එය මම ඇස් දෙකට දැකලා තියනවා. මම කියන්නේ එහෙම විදවන්න ඕනේ නැහැ. ගැළපෙනවා නම් එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්තම් අයින්වෙන්න පුළුවන්. විවාහය කියන දේ මුලින්ම කර ගත්තාම වෙන්නේ අන්තිමට රංඩු වෙනවා, වන්දි ඉල්ලනවා, ලැජ්ජා වෙනවා. අපේ රටේ ගොඩක් දේ තුළ බොරුවනේ තියෙන්නේ. බොරුවට පෝරුවට නැගලා, කැන්ඩියන් එකක් ඇඅඳලා විවාහ වෙන එක මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. සමහර දෙනෙක් හිතන්න පුළුවන් මගේ අත්දැකීම නිසා කියලා. නමුත් එහෙම නෙමෙයි. හැබැයි මේ කිසිම දෙයක් ඇතුළු විශ්වාසය කියන දේ නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා ඒසංකල්පය ඇත්තටම වරදක් නැහැ. හැබැයි මගේ අම්මා තාත්තා වුණත් ඒ සංකල්පයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ අය හැදිච්ච විදිහත් එක්ක. හැබැයි මම හිතන්නේ ඒ දේ නිසා ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්