වොලිබෝල් ක්‍රීඩාවෙන් මෙරටට ජයග්‍රහන රැසක් ..

Sri Lanka Volleyball
By Thaya Mar 20, 2021 07:31 PM GMT
Thaya

Thaya

Report

මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්, රත්නපුර ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා විශාල ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඡ්‍යෙෂ්ඨ උප සභාපති කංචන ජයරත්න මහතා පවසයි. අපගේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් යනුවෙන් කොටස් දෙකක් වන අතර, ලොව ප්‍රථම වතාවට වොලිබෝල් ක්‍රීඩාව මෙරට ජාතික ක්‍රීඩාව වශයෙන් නම් කෙරුණේ 1991 වර්ෂයේ දීය. 1996 වසරේ දී වෙරළ වොලිබෝල් මෙරට ආරම්භ විය. වොලිබෝල් ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් මෙන්ම ලෝකයේ රටවල් 221 ක් ක්‍රීඩා කරන ප්‍රධාන පෙළේ ක්‍රීඩාවක් බවට මේ වනවිටත් පත්වී ඇත.

1998, 2004, 2006, 2007, 2010, 2014 යන වර්ෂවල වල ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි වල සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමත්වීම රටක් ලෙස ලැබු විශාල ජයග්‍රහණයකි. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීමත්, එම ක්‍රීඩාව පිළිබද රට තුළ ආකර්ශනයක් ගොඩනංවමින්,ජාතික මට්ටමෙන් ඉදිරියට ගොස් අන්තර්ජාතික ජයග්‍රහණ මෙරටට ලබාදීමට සිය උපරිමයෙන් කටයුතු කිරීම ඒකම අභිලාෂයයි. මිනු/මැල්ලවගෙදර මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු තමන් වෙන්නප්පුව ජෝසප් වාස් ජාතික පාසලට ඇතුලත්ව අධ්‍යාපනය හැදාරා කංචන පාසල් අවධියේ දී වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, මළල ක්‍රීඩා, හා බේස්බෝල් යන ක්‍රීඩා රැසක නිරත වෙමින් සමස්ථ ලංකා, ජාතික ජයග්‍රහනයන් ලබා රටට කීර්තියක් රැගෙන ඒමට කටයුතු කළේය. වොලිබෝල් ක්‍රීඩාවෙන් මෙන්ම ටයිකොන්ඩෝ සහ කුන්ෆු ආත්මාරක්ෂක ක්‍රීඩාවන්හි ද පුහුණුව ලබා ජයග්‍රහනයන් ලබා ඇත.

ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස 2009 වසරේ දී පත්වු තමන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමය නියෝජනය කරමින් එම නිලවරණය සදහා ඉදිරිපත් විය. එ් වන විට සබරගමු පළාත් සභාවේ ක්‍රීඩා අධ්‍යාපන සහ යෞවන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කරනු ඇත.. රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති, ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, ධුරයට පත් වූ යේ ක්‍රීඩාව වෙනුවෙන් ඔහු බොහෝ දේ සිදු කළ නිසාවෙන්මය. මේ වන විට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිධූරය, රත්නපුර දිස්ත්‍රික් ටයිටෙයිකොන්ඩෝ සංගමයේ සභාපති,රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති, ප්‍රවීණයින්ගේ පාපන්දු සංගමයේ සභාපති සහ රත්නපුර පාපන්දු ලීගයේ සභාපතිවරයා වශයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරයි.ශ්‍රී ලංකාවවට වොලිබෝල්ක්‍රීඩාව තුළින් විශාල ජයග්‍රහන රැසක් අත්කර දුන් කාංචන ජයරත්න මහතා සබරගමුව පළාත් සභාවේ සභාපතිවරයා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කරයි.

GalleryGallery
ReeCha