රෝහලෙන් දින 20කට පසු නිවසට පැමිණි පුද්ගලයෙක් මරුට

man dies
By Thaya Mar 01, 2021 06:09 PM GMT
Thaya

Thaya

Report

උග්‍ර වකුගඩු රෝගයකින් පීඩා විඳි වලපනේ උකුතුලේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මතුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා හඳුනාගෙන තිබුණි.

ඒ අනුව ඔහුව තෙල්දෙණිය රෝහල වෙත යොමු කර සිටි අතර දින 20කට ආසන්න කාලයක් ඔහු එහි ප්‍රතිකාර ලැබීය.

එහිදී රෝහල මඟින් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණ මඟින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

නමුත් රෝහලේ සිට ඊයේ නිවසට පැමිණි ඔහු පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයෙන් දේහය ආදාහනයට පියවර ගන්නා ලෙස ඉහළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් අනුව දේහය ආදාහනය කිරීමට පියවර ගත් බව ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.