පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාවට විරුද්ධව මෛත‍්‍රී නීති මගට යයි…

Easter Maithri
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් එල්ලවී ඇති චෝදනා පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ඉකුත් දින කිහිපයේදී හිටපු ජනාධිපතිවරයා නීතිඥයන් පිරිසක් හමු වී මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තිබේ. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමට පාස්කු කොමිසම විසින් නිර්දේශ කර ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති අගමැති ඇතුළු රජයද වගකිව යුතුව ඇතැයි කොමිසන් සභාව නිර්දේශ කර තිබේ. මේ වන විට එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. මෙම වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇත.