මද්‍රසා සහ අරාබි පාසල් 1986 ක් තහනම්
මෙරට ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ මද්‍රසා සහ අරාබි පාසල් තහනම් කිරීමට රජය තීරණය කර ඇත. පසුගිය රජය සමයේ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මද්‍රසා පාසලේ 1669 කට හා අරාබි පාසල් 317 කට අවසර දී තිබුණි. ඒ සඳහා ජාතික බුද්ධි සේවාවලින් අවසර ගෙන තිබී නැත. මේ හැර මැද පෙරදිග තබ්ලිසි ජමාත් නමැති අන්තවාදී කල්ලියේ දේශකයන් 206 කටද මෙරට අන්තවාදී පාසල්වල අන්තවාදය ඉගැන්වීමට අවසර දී ඇතැයි හෙළි වී තිබේ. මේ මද්‍රසා සහ අරාබි පාසල්වල ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන විෂය මාලා උගන්වා නැහැ. මේ බව අධිකරණ බලධාරීන්ද පිළිගනු ලැබුවා. අධ්‍යාපනය වෙනුවට අන්තවාදී කටයුතු සහ ශරියා නීතිය උගන්වා තිබෙනවා යැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන විෂය මාලා උගන්වන මුස්ලිම් පාසල්වලට පමණක් අවසර දෙන බව ඔහු පළ කළේය. එසේම ශරියා නීතිය ඉගැන්වීම ද තහනම් කෙරේ. එසේම බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. ඉස්ලාමීය අන්තවාදයට අදාළ පොත් 45 ක් රේගුවෙන් මුදාගැනීමට දැරූ උත්සාහයක් ද රජය සොයා ගෙන ඇත.