කොරෝනා අතරේ LPL තරඟය මෙරට තුළ පැවැත්වීමට දින නියම වේ.

Sri lanka Sport LPL cricket Namal rajapakshe Hambantota national cricket ground
By Aruna May 13, 2021 03:00 AM GMT
Aruna

Aruna

Report

 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේ ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි.

ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර දැඩි කතාබහකට ලක්වුණා.

ඒ, ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, සාර්ථකව පැවැත්වූ තරගාවලියක් විම හේතුවෙන්. එහිදී කණ්ඩායම් 05 ක් තරග වැදුනු අතර සියලු තරග හම්බන්තොටදී පැවැත්වුණා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේදී ආරම්භ වූ IPL ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කිරීමට සංවිධායකයින්ට ඉකුත් දා සිදුවූයේ ක්‍රීඩකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now