රට ලොක්ඩවුන් කරනු.. තත්වය බරපතලයි.. අපට පාලනය කරන්න බෑ..- PHI සංගමය දැඩිව කියයි

Covid-19 Sri Lanka
By Thaya Feb 15, 2021 06:38 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයේ පැතිරී යන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ ගණනාවකින් වාර්තා වීම මත රට ඉතා බරපතළ තත්ත්වයට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහා සංචරන සීමා පනවා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට තිබෙන තත්ත්වය ඉතාම භයානක තත්වයක් බව බිම් මට්ටමේ සිටින නිලධාරීන් ලෙස තම නිලධාරීන්ට පැවසිය හැකි බවයි. එනිසා වෛරස් ප්‍රභේදය හැසිරීම කෙලෙස දැයි නිශ්චිත අදහසකට එනතුරු රට යම් තරමකට ලොක් ඩවුන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම නව වෛරස් ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය උත්සව පැවැත්වීමට දවස ලබා නොදෙන බවද ඔහු පැවසීය. දැනට අවසර දෙන්නේ සීමිත පිරිසක් සමග සම්බන්ධ වන විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් යැයිද පැවසූ ඔහු මේවා හැරුණු කොට වෙනත් කිසිම උත්සවයකට අවසර ලබා නොදෙන බව ද එවන් උත්සව සඳහා අවසර පැතීමට තම නිලධාරීන් හමුවීමට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටියේය.