ගෑස් මිල වැඩි නොකර ගෑස් දෙන්න බෑ - ලිට්‍රෝ සභාපතිවරයාගෙන් ගෑස් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්..

Report

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද(25) දිනයේ දී තීරණයක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 3600ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගිය දා කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා එනම් රුපියල් 2500කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.

කෙසේ වෙතත් මිල වැඩි කිරීමකින් තොර ව ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට නො හැකි බව යි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join