කොවිඩ් එන්නත ලැබීමට නියමිත 20,000කගේ නාමලේඛනය සැකසෙයි

Covid-19 Corona Vaccine
By Thaya Mar 03, 2021 05:16 PM GMT
Thaya

Thaya

Report

දිවයිනට රැගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාමලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇති බව ඇති බව අමාත්‍යවරයා පවසයි.

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා අද (03) සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළද කළාපය තුළ සේවක සේවිකාවන් 130,000 කට අධික පිරිසක් සිටින අතර ඔවුන්ට ද කොවිඩ් එන්නත ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත.