සියලු සුරාසැල් වසා දැමේ..! සියලු විස්තර මෙතනින්..

Vesak Full Moon Poya Sri Lanka
By Sewvandhi May 13, 2022 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙසක් පොහොය නිමිත්තෙන් සියලුම වයින් අලෙවිසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 15 සහ 16 යන දිනවල වසා තබන බව සුරාබදු දේපාර්තුමේන්තුව දැනුම්දෙනවා .

මේ අතර,අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා වෙසක් කූඩු නිර්මාණකරුවන් මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. ප්‍රදේශ කිහිපයක වෙසක් තොරණ ද ඉදි කෙරෙමින් පවතින බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පෙර පැවති මිලට සාපේක්ෂව වෙසක් කූඩුවල මිල ගණන් මේ වසරේ ඉහළ ගොස් තිබෙනවා. කොළ අලවා සම්පූර්ණ කළ සාමාන්‍ය ප්‍රමාණයේ අටපට්ටම් කූඩුවක් රුපියල් 350කට පමණ අලෙවි වන අතර, නිර්මාණාත්මක කඩදාසි කූඩුවල මිල රුපියල් 400 සිට ඉහළට සටහන් වන බව ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ වනවිට බොහෝ ප්‍රදේශවල සව් කොළයක මිල රුපියල් විස්ස දක්වා ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍ය බකට් එකක මිල ද රුපියල් විස්සක් ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් වෙසක් කූඩු ඇණවුම් සාමාන්‍ය පරිදි තමන් වෙත ලැබෙන බවයි පාරම්පරික කූඩු නිර්මාණකරණයේ යෙදෙන නිෂ්පාදකයන් පවසන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now