දරු දෙදෙනා සමග ළිදට පැන්න අම්මා ලියා තිබූ ලිපිය මෙන්න

Police
By Thaya Mar 05, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

තම උපන් දිනය දිනයේම දරු තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක පිළිබඳ පසුගියදා අපට කිලිනොච්චි – වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදි දරුවන්ගේ ජිවිතය බේරාගෙන තිබුණ ද දරු තිදෙනාට දිවි බේරා ගැනීමට හැකි වී නැහැ. ඇය මෙලෙස ලිඳට පැන ඇත්තේ ලිපියක් ලියා තබා ය. එම ලිපියේ සදහන් වන්නේ සැමියාගෙන් එල්ල වන හිරිහැර ඉවසා ගත නොහැකිවීම මෙම තීරණය ගත් බවයි. 38 වයස කාන්තාවක සිය දරුවන් තිදෙනා ද සමඟින් වට්ටකච්චි පුල්ලෙයාර් කොවිලේ පිහිටි ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ කර තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණ.ඒ කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේ

දරුවන් තිදෙනා ළිඳට දමා එම ළිඳට පැන ඇති මව එහි ඇති ආධාරකයක එල්ලී, තමන් බේරා ගන්නා ලෙස පවසමින් කෑ ගසා තිබෙනවා. එම ශබ්දය ඇසුණු ප්‍රදේශවාසීන් පැමිණ මව බේරා ගැනීමට සමත්වුණා. එක් දරුවෙකුගේ සිරුර එම අවස්ථාවේදීම ගොඩ ගත් අතර අනෙක් දරුවන් දෙදෙනා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ අඩි 20කට ආසන්න ජලය ඇති ළිඳ හිස් කරමින්. එහිදී සොයා ගැනුණු දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනුනා. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 7 හැවිරිදි කිරුබාකරන් කීර්තිකා, 5 හැවිරිදි කිරුබාකරන් අක්ෂයා යන දැරියන් සහ කිරුබාකරන් ඩෙනෝෂන් නමැති දෙහැවිරිදි දරුවායි.

බරපතළ තත්ත්වයේ පසුවන මව කිලිනොච්චි දිසා මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිය දිවි හානි කර ගැනීමට උත්සහ කිරීමට පෙර ඇය විසින් ලියූ ලිපියක සඳහන් වූයේ, සැමියාගෙන් එල්ලවන හිරිහැර ඉවසාගත නොහැකිව තමන් දරුවන් තිදෙනාද සමඟින් සිය දිවි හානි කරගන්නා බවයි. ගමේ ජනතාවට මම කියනවා… මගේ නම නන්දා, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා. මගේ සැමියා හුඟක් බීමතට පුරුදු වෙච්ච කෙනෙක්. එයා මට හුඟක් පහරදෙනවා. ගුටි කාලා මට එපා වෙලා තියෙන්නේ. අද මගෙ උපන්දිනය. ඔයාලා සියලු දෙනා එකතුවෙලා බේබද්දට දඬුවම් දෙන්න. මගේ මරණයට හේතුව මගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ අය. අපිව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ.