සිංහරාජයේ ජලාශය ඉදි කරන්න යුනිස්කෝවට ලිපියක්
Sinharaja
UNESCO
By Thaya
සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ආයතන ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පැවසීය.
ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බව ද ඔහු පැවසීය.
මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමිනි.
එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුව ලිපියක් යොමු කළ බවද මීගස්වත්ත මහතා සඳහන් කළේය.