නීති සිසුවාට පහරදීමේ සිද්ධිය ගැන නීතිඥ සංගමයෙන් නීතිපතිට ලිපියක්

Bar Association
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී එහි නිළධාරින් විසින් නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාල සිසුවාට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම පොලිස් නිළධාරින්ට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීම හෝ වැඩ තහනම් කිරීම ප්‍රමාණවත් නොවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ. සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එමගින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් කැඳවීමට නීතිපතිවරයා ගත් තීරණයද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා යොමුකර ඇති ලිපිය මගින් ඇගයීමට ලක්කර තිබෙනවා. එමෙන්ම චෝදනාවට ලක්ව ඇති පොලිස් නිළදාරින් සැකකරුවන් ලෙස සළකා වහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි නීතිඥ සංගමය නීතිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙන් ඉල්ලා ඇත්තේ.