ඕනිම විදියට ලස්සනට රස කප් කේක් අද හදමු

Recipe
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Report

අවශ්‍ය ද්‍රව්‍ය: බටර් 250g සිනි 250g ලොකු බිත්තර 4 පාන් පිටි 250g බේකින් පවුඩර් තේහැදි 1 වැනිලා තේහැදි 1 පිටි කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් 50ml කැමති කලරින් ( මම පාට තුනක් ගත්තා )

සාදන ක්‍රමය: මුලින් බටර් සිනි හොදින් ක්‍රිම් වනතුරු බිට් කරන්නපසු එකට බිත්තර එක ගානේ දම දමා හොදින් බිට් කර ගෙන එකට මිල්ක් ටික දමා හොදින් බිට් කරන්න.පස්සෙ එකට පිටි හා බේකින් පවුඩර් එකට දමා හලා ගෙන එයට දමා අඩු වේගයෙන් කේක් බිටරයෙන් බිට් කර ගන්න. වැනිලා ද දමා මිශ්‍ර කරන්නදැන් මේ හදා ගත් කේක් මිශ්‍රනය කොටස් තුනකට වෙන් කර ගෙන කැමති පාට තුනක් දමා ගෙන පික්චර් වල පෙන්වා දි තියෙන විදියට කප් ට්‍රේ වලට පාට තුන මාරුවෙන් මාරුව ටික ටික දමා ගෙන180C විනාඩි 30 බේක් කර ගන්න