ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් හදිසියේ රැස්වෙයි

Government
By Thaya Feb 18, 2021 07:49 PM GMT
Report

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඊයේ පස්වරුවේදී හදිසියේ රැස්වීමක් පවත්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයී. මෙම සාකච්ජාව සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා / පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා / අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ / ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග හා ටිරාන් අලස් යන මහත්වරුන්ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු ඊයේ සාකච්ඡාවට පැමිණ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ කිහිපයක් අතර මතබේදාත්මක තත්වයක් හටගෙන ඇති පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්.