ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් විමල්ගේ නිවසේ සාකච්චාවක..
Government
By Thaya
ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් ඒ සඳහා සහභාගි වී සිටියි. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හමුවට සහභාගි වන උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මෙම පක්ෂ නායක හමුව වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක්ම පැවති බවත් ඉන්පසුව එක්වීමක් සිදු නොවූ නිසා මෙසේ රැුස්වන බවද ඔහු කීය. මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බවද ඔහු සඳහන් කළේය වීඩීයෝව පහත ලින්ක් එකෙන් නරඹන්න