මා ජාතික වගකීම ඉටුකල නායකයෙක්.. – හිටපු ජනපති

Former President
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Thaya

Thaya

Report

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති නිදහස් දින පණිවුඩය මෙහි දැක්වෙයි. නිදහස් දින පණිවුඩය යටත් විජිත ජාතියක් ලෙස විදෙස් බලපෑම්වලට නතුවූ මාතෘ භූමියට නිදහස ලැබීමේ 73 වන සංවත්සරය අප අභිමානයෙන් සමරන්නෙමු. ජාතියේ නිදහස උදෙසා සිය රුධිරය මෙන්ම දහදිය වැගිරූ සියලු විරුවන්ට සැමදා ප්‍රණාමය හිමිවන අතර දේශද්‍රෝහීන් ලෙස නම් වූ කැප්පෙටිපොළ දිසාවේ ප්‍රමුඛ විරුවන් දේශප්‍රේමීන් ලෙස ඔසවා තැබීමේ ජාතික වගකීම ඉටු කළ නායකයෙකු ලෙස මා සැමදා තෘප්තිමත්ය.

දේශයේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාව හා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අප කැපවිය යුතුය.

ආර්ථික මර්මස්ථාන හා භූගෝලීය වශයෙන් වැදගත් ස්ථාන ආක්‍රමණය කොට ආධිපත්‍ය පැතිරවීමට ගන්නා නව ගෝලීය යටත්විජිතවාදී ප්‍රවනතා අප හඳුනාගත යුතු අතර රට පෙරට ගෙන යාමේ නව ප්‍රවේශයන්හි දී ශක්තිමත්ව හා බුද්ධිමත්ව ක්‍රියා කිරීම අප සැමගේ වගකීමකි. ජාතික සම්පත් හා ශ්‍රී ලාංකේය උරුමය ආරක්ෂා කර ගනිමින් බියෙන්, සැකෙන් තොර සමාජ දේශපාලන වාතාවරණයක සියලුදෙනාට අභිමානවත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අපේක්ෂාව මල් ඵල ගැන්වෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් සුපෝෂණය වූ සමෘද්ධිය හා සෞභාග්‍යය සපිරි රටක් ප්‍රාර්ථනය කරමි. 2021 පෙබරවාරි මස 04වන දිනමෛත්‍රීපාල සිරිසේනහය වන විධායක ජනාධිපති