කුරුවිට තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් එළියට ආපු අලුත්ම කතාව මෙන්න

Police
By Thaya Mar 10, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

වේල්ලවීදියේ බෑගයකින් සිරුර හමුවූ තරුණියගේ හිස සිරුරෙන් වෙන්කර ඇත්තේ, ඇය ඝාතනය කිරීමෙන් පසුව බවට, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මේ අතර අදාල තරුණියගෙන් ලබාගත් DNA සාම්පල, ඇයගේ මවගේ සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ සිදුකළ පරීක්ෂණවලදී සැසදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ අද සඳහන් කළා. පසුගිය මාර්තු 01 වන දා කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු අතර, පසුව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේ නමුත්, කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම කල් දමනු ලැබුවේ හිස කොටස නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමත් සමඟ අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. මේ අතර තරුණිකයක ඝාතනය කර ඇගේ හිස නොමැති මළ සිරුර වේල්ලවීදියට ගෙනවිත් දැමූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි. බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී-ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා. එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.