මෙරට කොවිඩ් මරණ ගැන හෙළිවූ නවතම කරුණු

Covid-19
By Thaya Jan 29, 2021 06:48 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මෙරටින් වාර්තා වන වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් මරණ 200 සේ සීමාවට ආසන්න වී තිබේ.

මෙරට මේ දක්වා කොවිඩ් -19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 290 ක් වන අතර ඉන් 277ක්ම කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ සිදුව ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව දෙවන රැල්ලේ සිදුව ඇති මරණ සංඛ්‍යාවෙන් මරණ 193 ක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බව සඳහන් වේ.

කෙසේවෙතත් මැදි වියේ පසුවූ පුද්ගලයින් 72 කු ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

වයස අවුරුදු 31ත් 40 ත් අතර ආසාදිතයින් 6 දෙනෙකු, වයස අවුරුදු 10ත් 30 ත් අතර ආසාදිතයින් 5 දෙනෙකු සහ වයස අවුරුදු 10 ට අඩු එක් කොවිඩ් මරණයක් ද මෙරටින් වාර්තා වන බව කොවිඩ් -19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.