කොදෙව් -ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ අලුත්ම විස්තරය මෙන්න.

Sri Lanka West indies
By Thaya Apr 01, 2021 08:26 PM GMT
Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 250 ක් රැස් කරගෙන සිටියා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 354 ට පිළිතුරු ලෙසයි. දිනය නිමා වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිශ්ශංක ලකුණු 49 ක් ලබා සිටි අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 55 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් රැස් කළා. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 39 ට කඩුලු 02 යි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් අතැතිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා තවත් ලකුණු 104 ක් පිටුපසින් සිටිනවා.