අද දෙවන වරටකොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක්

Covid-19
By Thaya Jan 08, 2021 07:41 PM GMT
Report

අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 231ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 39ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 525ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 43,023කි.