අද දිනයේදී කොවිඩ් මරණ එකවරම විශාල ප්‍රමාණයක් වාර්තා වේ

Covid-19
By Thaya Feb 08, 2021 05:01 PM GMT
Report

අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356කි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, පමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි.