කොළඹ විශාල ගින්නක්.. නිවාස 50ක් විනාශ වෙයි

Police Fire
By Thaya Mar 15, 2021 08:32 PM GMT
Report

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබේ. අද අලුයම 2.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබේ. පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් විසින් මේ වනවිට ගින්න පාලනය කරඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.q