කොරෝනා මැද ශ‍්‍රීපාදයට විශාල පිරිසක්..

Corona Virus
By Thaya Feb 26, 2021 05:58 PM GMT
Thaya

Thaya

Report

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර මාර්ගය ඔස්සෙත් නිරෝධායන උපදෙස් වලට අනුකුලව ශ්‍රි පාදය කරුණා කිරිමට (25) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටහ. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණි වන්දනාකරුවන් සදහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය ලංගම ඒකාබද්ධ සේවයක්ද එක් කර ඇත. ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන්ට නිරෝධායන උපදෙස් පිලිපදින ලෙස නල්ලතන්නිය පොලිසිය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් විශේෂ විකාශන සේවාවක්ද නල්ලතන්නිය පොලිසිය අසල දියත් කර ඇත.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයත් , ඉටිකටු පහන සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ආරක්ෂිත වැටද විෂිබජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇත. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණි වන්දනාකරුවන් අදාල අවසර පත්‍රය තිබේදැයි යන්න පිලිබදව නල්ලතන්නිය කල්පරුක්ෂ විහාරස්ථානය අසලදි පොලිස් නිලධාරින් විසින් පරික්ෂාවට ලක් කරනු ලබයි. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කරන වන්දනාකරුවන් වෙනුවෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාව එක්ව පහසුකම් ගණනාවක් එක් කර ඇත.