“ඩෙල්ටා” වලටත් වඩා දරුණු “ලැම්බ්ඩා” ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

covid19 hemantha herath delta variety lamda
By Sewvandhi Jul 07, 2021 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 “ඩෙල්ටා” විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, “ලැම්බ්ඩා” විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

“ලැම්බ්ඩා” යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු කොවිඩ් 19 විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙන් වාර්තා වී තිබෙනවා.

“ලැම්බ්ඩා” විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී තිබෙනවා. මේ වනවිටත් “ලැම්බ්ඩා” විකෘතිය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු එක් රැස් කර ගනිමින් පවතින බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ නමුත් “ලැම්බ්ඩා” හෝ “ඩෙල්ටා” විකෘතිවලින් පමණක් නොව සෙසු විකෘතිවලින් ද ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යය යැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now