කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීමට දෙන මුදල්වල අඩුවක්...

By Parami Dissanayake Jul 07, 2024 05:59 PM GMT
Report

කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට චයිනා මර්චන්ට් පෝට් සමාගම තීරණය කර ඇත.

කොළඹ වාරයේ ජැටිය හෝ බහාලුම් අංගනය වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගියදා දැනුම් දීමෙන් අනතුරුව චයිනා මර්චන්ට් පෝට් සමාගම මෙම තීරණයට එළඹී ඇති අතර, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ පාලන බලතල හිමිවී තිබෙන්නේද චයිනා මර්චන්ට් පෝට් සමාගමටය.

ලබන 10 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ලබන 10 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

2020 ගනු ලැබූ එම තීරණය නිල කැබිනට් වෙබ් අඩවියේද පළවූ අතර තිබෙන උපකරණ වැඩි දියුණු සහ නවීකරණය කරන අතරතුර කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය නව උපකරණ හඳුන්වා දීමටද කටයුතු කරනු ඇතැයි එහි සඳහන් විය.

එසේම කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව ඉදිකිරීම්ද සිදුවනු ඇතැයි එහි සදහන් වන අතර, එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා බදු සහනයක්ද ලබා දුන්නේය.

කෝණා සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට...

කෝණා සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට...

එමෙන් ම, බහාලුම් පර්යන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණයි. ව්‍යපෘතිය නිවේදනය කළ 2020 ගැසට් පත්‍රයට නව වගන්තියක් එක් කරමින් මෙම වසරේ මැයි මාසයේදී තවත් ගැසට් පත්‍රයක් නිකුත් විය.

තව ද ,ව්‍යාපෘති සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ යෝජිත ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් හෝ ඊට සමාන මුදලක් ආයෝජනය කළ යුතු බවට එහි සඳහන් ය.