කෝණා සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට...

Sri Lanka Police Sri Lanka Drugs
By Parami Dissanayake Jul 07, 2024 04:53 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (09) පොලීසියට ගිනි අවි පෙන්වා පළායෑමේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ "කෝණා" නැමැත්තාගේ කුලී නිවසේ තිබී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අතුරුගිරියේ සහන් ධනංජය නොහොත් කෝණා නැමැත්තා කොට්ටාවේ සිට පිළියන්දල ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අතුරුගිරිය පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ පසුගිය 04 වනදා රාත්‍රියේදීය.

ලබන 10 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ලබන 10 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ඒ් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, පිළියන්දල සිකුරාදා පොළ හන්දියේ දී විශේෂ රථවාහන පරීක්ෂාවක නිරතවිය.

එහිදී පොලිස් අණ මත‍ නතර කළ මෝටර්රථයකින් බැස තිබූ පුද්ගලයෙකු පොලීසියට ගිනි අවියක් දිගුකර ඇති අතර පොලීසිය ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේම ඔහු පළාගොස් ඇති අතර ඔහුගේ වෙඩිවැදුණු මෝටර් රථය කැස්බෑව ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගැනුණි.

ජනපතිට ඉදිරියටත් සහය දෙනවා - බැසිල් රාජපක්ෂ -

ජනපතිට ඉදිරියටත් සහය දෙනවා - බැසිල් රාජපක්ෂ -

සැකකරු අත්අඩංගුවට ගැනුණේ පාදයට වෙඩි වැදී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කෝණා සමග ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් අනුව පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රෙද්ශයේ ඔවුන්ගේ කුලී නිවස පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් කොකේන්, අයිස්, කේරළ ගංජා ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගැනීමට පොලීසියට හැකිවිය.