ලබන 10 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...
By Parami Dissanayake
ලබන 10 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, රුපියල් මිලියන 105,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි .
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.