බුදු පිළිම හතරක සිරස කඩා දැමීමෙන් කුලියාපිටිය උණුසුම්

Kuliyapitiya
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Report

කුලියාපිටිය රත්මලේවත්ත නුගේබෝධිය අසල බුදු මැදුරේ තිබූ බුදු පිළිම හතරක සිරස කඩා බිඳ දැමීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික බීමතින් සිටි බවයි. වීසා ලබාගෙන පැමිණ සිටින සිටි මෙම ඉන්දීය ජාතිකයා එම ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී සිටින බවත් අධික ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වුවත් පොලිසිය සඳහන් කරයි. සිදුවීම හේතුවෙන් ඉකුත් 17 වැනි දා එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරීව හැසිරෙන්නට වූ අතර පොලිසිය මැදිහත්වී තත්ත්වය සමනය කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරයි