මත්පැන් සහ දුම්වැටි භාවිතා නොකරන අයට පමණක් කොවිඩ් එන්නත ලබා දෙන්න – දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය කියයි

Covid Vaccine
By Thaya Feb 04, 2021 07:46 PM GMT
Thaya

Thaya

Report

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

එවැනි අයෙකුට කොරෝනා මර්ධන එන්නත ලබා නොදී මත්පැන් සහ දුම්වැටි භාවිතය නොකරන පුද්ගලයින්ට එන්නත් ලබාදීම අතිශයින් සාධාරණ බවයි මෙහිදී සභාපතිවරයා සඳහන් කර සිටින්නේ.

මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කොරෝනා එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බවයි වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දෙන්නේ


Gallery