ගණේමුල්ල දකුණ ගම්මානයට කොවිඩ් එන්නත ලබා දුන් අයුරු.
ගම්පහ මහජන සෞඛ්‍ය කාර්යාලයට ගම්මාන 101 ක් තිබෙන අතර එයින් පසුගිය මාස දෙකතුළ රෝගීන් වැඩි වශයෙන් වාර්තාවු ආකාරයට අනුව ගම්මාන තෝරාගෙන කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගන්නා බව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගම්පහ වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේය. වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමයේදී අද (03) ගණේමුල්ල දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජනතාවට කොවිඩ් එන්නත ලබාදීමට පැමිණි අවස්ථාවේදීය .
මෙහිදී අදහස් දැක්වු වෛද්‍ය රාජපක්ෂ මහතා,මේ ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු 30 වැඩි සියළුම දෙනාට අවුරුදු 60 වැඩි සියළු දෙනාටත් එන්නත් ලබාදෙන්න බලාපොත්තුවෙනවා.ගණේමුල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ 2500 කට වැඩි පිරිසක් ජිවත්වෙනවා.මෙයින් සියයට හැත්තෑවක් වත් ආවරණයක් ලබාදෙන්න අදහස් කරනවා. ග්‍රාම නිලධාරීන්ගෙන් පදංචිය හෝ තාවකාලික පදිංචි අයට එන්නත් ලබාදෙන්න පුළුවන්.එතනින් එහා අයට එන්නත් ලබාදෙන්න බැහැ. මන්ද දෙවැනි එන්නත් මේ අයට ලබාදිය යුතුයි.දෙවැනි එන්නත ලබා දීමේදී මේ ගම්මානයට ලබාදුන් දිනයේ සිට අවශ්‍ය වෙනවා එදා පළමු එන්නත ලබාදුන් අය. ග්‍රාම නිලධාරී මහතුන්ගේ උපදෙස් මත ස්ථිර පදංචි කරුවන්ට පමණක් එන්නත ලබාදීමට කටයුතු කරන්නේ ඒ නිසයි.ගම්මාන මට්ටමට පැමිණ එන්නත් ලබාදීමේදී එදා පළමු එන්නත දුන් අය මග හැරෙන්නේ නැහැ. කිසිදු අයෙක් එන්නත් ලබා ගන්න බියවියයුතු නැහැ .
ගම්පහ හා කොළඔ දිස්ත්‍රික්කයේ අයට එන්නත ලබාදෙන්න තීරණය කර තිබේන්නේ කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගම්පහ හා කොළඔ දිස්ත්‍රික්කවලිනි,මෙහිදී කොවිිඩ් ආසාධිතයින් වැඩි පැති තෝරාගෙන එන්නත ලබාදිමට කටයුතු කරනවා.පසුගිය මාස කිහිපය තුළ ආසාදිතයෝ වැඩි සංඛ්‍යාවක් හා ඊළගට ගමේ පැතිරිනු අය සොයා එන්නත් ලබාදෙනවා.උදා හරණයක් ගත් විට හත්දෙනෙක් තැන් හතකින් මතු වුවහොත් වැඩි ප්‍රමුඛත්වයක් ඒ ස්ථානයට ලබාදිය යුතුයි. අද හා හෙට (03-04)ගණේමුල්ල දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයට එන්නත් ලබාදෙනවා.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට කොවිඩ් එන්නත (වැස්ලින් ) ලක්ෂයක් ලැබී තිබෙනවා.ඒ ලක්ෂය ජනගහනය වැඩි වශයෙන් හා රෝගීන් බහුලව සිටින ප්‍රදේශ වලට එන්නත් ලබාදීමට පියවර ගත්තා.
සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ගම්පහ සමග සාකච්ජා කොට එතුමාගේ අදහසක් අනුව රෝගීන් වැඩිපුර වාර්තාවන ප්‍රදේශ බලලා බෙදලා දුන්නා එන්නත් නවදාහකට ආසන්න ප්‍රමාණයක් .ඒ අනුව මේ සතිය තුළදී කොවිඩ් එන්නත් ඇඹරලුව,ඇඹරලුව උතුරු ,පහළගම,බැලුම්මහර ,ඹරුතොට ,පහළයාගොඩ යන ප්‍රදේශවලට එන්නත් ලබාදී තිබෙනවා. අද දිනයේ වැලිකඩ,යක්කල උතුරු හා ගණේමුල්ල දකුණ යන ප්‍රදේශ වලට එන්නත් ලබාදීමට පියවර ගන්නා බවද වෛද්‍ය රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මෙම එන්නත් ලබාදීමේ වැඩ සටහන ගණේමුල්ල දකුණු වසම භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක දුලාන් සේනාරත්න,ගණේමුල්ල නගරය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.පී.ඩී බණ්ඩාර, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්වන ආර්.පී.ඩී .ප්‍රියන්ත,ධනුෂ්ක මීගස්වත්ත ,,,කේ.එල් .ජයසිරි,යන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ,ගණේමුල්ල වසම භාර ග්‍රාම නිලධාරි මහතුන් හා පවුල සෞඛ්‍ය සේවිකාවන්, සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.




