ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත

Covid-19 Corona Vaccine Cricket team
By Thaya Apr 07, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් වලට එරෙහි එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, ලබන ඉරිදා (11) වනදායි. ඒ අනුව ඔවුන්ට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ. එහි පළමු මාත්‍රාව 11 වෙනිදා ලබා දීමට සැලසුම් කර ඇති බවත්, තවත් සති 8 ත් 12 ත් අතර කාලයකදී එහි දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

එමෙන්ම ටෙස්ට් සහ එක්දින තරග සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ටද මෙම එන්නත 11වන ඉරිදා ලබාදීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය මේ මස 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට ඔවුන් එක්වීමට නියමිතව තිබෙනවා