තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ...
ඉදිරි සති කිහිපය තුළ තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත් කරණයත් සමග රට ක්‍රම ක්‍රමයෙක් සාමාන්‍යකරණය කිරීමට අපෙක්ෂා කරන බවයි. යහ පාලනය නිසා බිද වැටී තිබු රටේ ආර්ථිකය සංවර්ධනය හා ජාතික ආරක්ෂාව නැවත තහවුරු කිරීමට රජය කටයුතු කරමින් සිටියි. පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් ශක්තිමත් ආණ්ඩුවක් ලෙස රජය ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ආණ්ඩුව කිසි විටකත් ජනතා විශ්වාසය පළුදු නොකරන බවත් ඇමතිවරයා කියා සිටියි.
ගම්පහ අස්ගිරිය ඩික්මන් පාර සහ මල්වත්ත පාර යා කිරීමට මැඩිල්ල ඇල හරහා නව පාලමක් ඉදි කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය. ග්‍රාමීය මාර්ග සහ අවශේෂ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගමේ පාලම ව්‍යාපෘතිය යටතේ මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 10.72 කි දිවයින පුරා මෙවැනි පාලම් දහසක් ඉදිකෙරෙන අතර ඒ සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 9.5 ක මුදලක් වෙන් කර තිබේ. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
“පසුගිය යහපාලන ආණ්ඩුව රටේ ආර්ථික, සංවර්ධනය වගේම ජාතික ආරක්ෂාවත් විනාශ කලා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මාසයේදි බලයට පත් වුනත් පැවතුනේ සුළුතර ආණ්ඩුවක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමයි නියම පොදුජන පෙරමුණේ රජය බිහි වුනේ කොවිඩ් වසංගතයත් එක්ක රජය අපෙක්ෂා කළ බොහෝ දේ ඉටු කරන්න නොහැකි වුනා. අපට ඒ මොහොතේ වැදගත් වුනේ රටේ ආර්ථිකය හෝ වෙන කිසිවක් නොවේ ජනතාවගේ ආරක්ෂාවයි ඒ නිසයි අපි ඒ මොහොතේ රට වසා දැමුවේ.එහෙම රට වැහුවත් ජනතාවට අවශ්‍ය සහන සලසන්න අපි හැකි උපරිමයෙන් කටයුතු කලා. රු 5000 බැගින් අවසථා දෙකකදී දුන්නා සහන මළු දුන්නා. ලෝකයේ රටවල් 133 ක් තවමත් කොවිඩ් එන්නත ලබා දී නැහැ. නමුත් අපි දැන් ඒ කොවිඩ් එන්නතත් ලබා දීමට කටයුතු කරගෙන යනවා මේ වන විට මිලියනකට එන්නත ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අතර තවත් එන්නත් මිලියනයක් කඩිනමින් ගෙන්වීමට රජය සුදානම් මෙරට ජනගහනයෙන් 50% කට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපෙක්ෂාවයි.
කොවිඩ් කාල සිමාවේදි මෙරට රාජ්‍ය සේවයේ 3/1 ක් සේවයට කැදවූයේ මේ වන විට නැවත රාජ්‍ය සේවයේ සියළු දෙනා සේවයට කැදවා තිබෙනවා අපේ අපෙක්ෂාව හැකි ඉක්මනින් රට සාමාන්‍යකරණය කිරීමයි.පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුල යහපාලන ආණ්ඩුව කරපු පව් වලට වන්දි ගෙවන්න සිද්ද වෙලා තියෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. රටේ ආර්ථිකය සාමාජීය හා ජාතික ආරක්ෂාව පසුගිය රජය කාලයේදි සම්පූර්ණයෙන්ම බිද වැටුනා වැඩ බිමක්ව පැවති රට මුඩු බිමක් බවට පත් වූනා. වත්මන් ආණ්ඩුව මේ වන විට රටේ ආර්ථිකය සංවර්ධනය වගේම ජාතික ආරක්ෂාවත් යථා තත්ත්වයට පත් කරමින් තිබෙනවා. නතර කර තිබූ සංවර්ධනය යලි ආරම්භ කළා. විපක්ෂය තමන් කරපු පව් ආණ්ඩුව පිට පටවා ඉන් ගැලවීමට උත්සහ දරණවා.විපක්ෂයේ පව් වලට කර ගහන්න අපි කිසිසේත් සුදානම් නැහැ.