ඉමදුවේ පාසල් සිසුන් තිදෙනෙකුට කොවිඩ්

Covid-19 School
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මැලියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එකම පවුලේ 05 දෙනකු ආසාදනය වී ඇති අතර එම පවුලේ දරුවන් දෙදෙනෙක් අහංගම නගරයේ පාසලක ඉගෙනුම ලබති. ඔවුන් අතරින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාසල් ගොස් නොමැති අතර 06 ශ්‍රේණියේ සිසුවා පාසලට ගොස් ඇති බැවින් පාසල විෂබීජහරණය කිරීමට ප්‍රාදේශීය සභාවට උපදෙස් දී ඇත.

ඒ අනුව අද (20) දහවල් එම පාසල විෂබීජහරණය කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය සභාව පවසයි.

මීට අමතරව අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවකු ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතත් එම සිසුවා පසුගිය දිනවල පාසලට ගොස් නොමැති නිසා පාසලට බලපෑමක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.