ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරු තිදෙනෙකුට කොවිඩ්

Covid-19
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Thaya

Thaya

Report

හැටන් - නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවරගෙන ඇත. ඒ අනුව එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සහ වෛරසය පැතිරයෑම පාලනය කිරීම සඳහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දින 10 ක කාලයක් වසා දැමීමට තීරණය කෙරුණි.