කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ්

Covid-19
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Report

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ එම තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වෛරසය වැළදී ඇතැයි තහවුරු කර ගැනීමත් සමගයි.

මේ වනවිට එම ආසාදිත සේවකයාගේ ආශ්‍රිත සේවකයින් සදහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු සහ කාර්යාල විෂබීජහරණ කටයුතු සිදු කෙරෙන අතර ඉන් අනතුරුව තැපැල් කාර්යාලය නැවත විවෘත කරන දිනය පිළිබඳ තීරණය කරන බවයි තැපල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ.