එකම පවුලේ 6කට කොවිඩ් - පාසල් සිසුවියකුත් ඒ අතර

Covid-19
By Thaya Feb 20, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

හැටන්, කොටගල තලවකැලේ ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. කොටගල මහජන සෞඛ්‍යෙ පරික්ෂක සෞන්දර රාගවන් මහතා සඳහන් කළේ, පසුගිය 16 වන දින සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය. ගම්පහ ප්‍රදේශයේ සිට හැටන්, කොටගල ප්‍රදේශයට පැමිණි කාන්තාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඇයගේ නිවසේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු එලෙස PCR පරීක්ෂණයට ලක්කර තිබේ. එහිදී නව ආසාදිතයින් 6 දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අතර පාසල් සිසුවියක් ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.