එක් ප්‍රදේශයක ගුරුවරියක් ඇතුළු එකම පවුලේ 7කට කොවිඩ්
කහතුඩුව ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 13 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, ඔවුන් අතරේ එකම පවුලේ පුද්ගලයින් 7 දෙනෙකු සිටින බවය.
පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට පසුගිය 25 වන දින කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.
පසුව ඇයගේ ආශ්‍රිතයින්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී තවත් 7 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
අදාළ ගුරුවරියගේ මව, පියා, සැමියා, සහෝදරිය, සහෝදරයින් දෙදෙනා සහ අවුරුදු 5 ක් වයසැති දියණිය මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කහතුඩුව නගරයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් තවත් පුද්ගලයින් පිරිසක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අතර හැටන් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පවසයි.
උණ රෝගය වැළඳීම හේතුවෙන් නාවලපිටිය මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එම සිසුවාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ