නිදහස් දින උළෙලට සහභාගි වූ 50කට කොවිඩ්

Covid-19
By Thaya Feb 11, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

පසුගියදා කොළඹ පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නිදහස් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව එම භට පිරිස් සේරුපිට, ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදී මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ අතර, නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

උත්සවයට සහභාගිවීමට පෙර සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ නමුත් උත්සවයෙන් අනතුරුව කතරගමට පැමිණ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බව තහවුරු විය. මේ අතර, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වීමත් සමග එම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණය සිදුකර ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.