තවත් රෝහලක වෛද්‍යවරු 5කට කොවිඩ්

Covid-19
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Report

කෑගල්ල, කරවනැල්ල මූලික රෝහලේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන් ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එම රෝහලේ වෛද්‍යවරුන් 18ක් සහ හෙදියන් 08 දෙනෙකු නිරෝධායනයට යොමුකෙරුණි.

රෝහල් වෛද්‍ය අධිකාරී අසේල පෙරේරා මහතා පැවසුවේ රෝහලේ සියලුම වාට්ටු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවය.

මේ අතර ගාල්ල - උඩුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ඒ, එම පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමගය.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවිවෙකු අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබූ අතර පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනුණි.

මෙලෙස මියගොස් තිබුණේ පාකින්සන් රෝගයෙන් පෙළුණු 60 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම ත්‍රිකුණාමලය සෙල්වනගර් අන්නූර් මහා විද්‍යාලයේ ගුරුවරයෙකුටත් වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කල්මුණේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.