බුස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 46කට කොවිඩ්බුස්ස

Covid-19
By Thaya Mar 14, 2021 06:12 PM GMT
Report

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට ඊයේ (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගතකරන රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමුකරණු ලැබිය. මිට පෙරද බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.