මඩකලපුවේ නාවික හමුදා සෙබළුන් 41දෙනෙකුට කොවිඩ්

Covid-19
By Thaya Mar 11, 2021 09:39 PM GMT
Thaya

Thaya

Report

මඩකලපුවේ නාවික භටයින් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

කල්ලඩි නාවික හමුදා කදවුරේ හත් දෙනෙකුට කල පි සි ආර් පරීක්ෂණයෙන් තිදෙනෙකුටත් අඟහරුවාදා භටයින් 58 දෙනෙකුට කල පි සි ආර් පරීක්ෂණයෙන් 39 දෙනෙකුටත් ආසාදනය වී ඇති බව තහවුරු වි යැයි සෞඛ්‍ය අංශය වැඩිදුරටත් පැවසිය.

මේ අනුව දිස්ත්‍රික්කයේ විවිධ ක්ෂේත්‍රයන්වල දිගටම ඇන්ටිජින් හා පි සී ආර් පරීක්ෂණ සිදු කරයි.

මඩකලපුවේ රාජකාරි කරන පොලිස් නිලධාරින් 10 දෙනකුට පි සි ආර් පරීක්ෂණ හා බැංකු 20ක් හා මුල්‍ය ආයතනවල රාජකාරි කරන නිලධාරින් ඇන්ටිජින් පරීක්ෂණ ඊයේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේදී සිදු කරන ලදී.