ප්‍රධාන ජාතික පාසලක 11 දෙනෙකුට කොවිඩ්

Covid-19
By Thaya Mar 26, 2021 05:49 PM GMT
Report

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තාවනවා. මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකුට සහ සුළු සේවකයන් 5කටයි. මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අද එම විද්‍යාලයේ සියලු ගුරුවරුන් සහ සිසු දරුවන් ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂාව සිදුකෙරෙන බවයි අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ